සූරා 8 · ජුස් 9

Al-Anfal · 8:25

وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

තවද නුඹලා අතුරින් අපරාධ කළවුනට පමණක් ඇති නොවන අර්බුදයක් ගැන නුඹලා බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි ඉතා දැඩි බව දැන ගනු.

තෆ්සීර්

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර සිටින පාපිෂ්ඨයාට පමණක් අත් නොවන දඬුවම පිළිබඳ නුඹලා ප්රවේශම් වනු. එය අපරාධයක් හෙළි වූ විට එය නොවළක්වන අවස්ථාවක ඇතිවන්නකි. අල්ලාහ්ට පිටුපාන්නන්හට ඔහු දඬුවම් දීමෙහි ඉතා බලවත් බව විශ්වාස කරනු. එහෙයින් ඔහුට පාපකම් කිරීමෙන් වැළකී සිටිනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න