සූරා 8 · ජුස් 9

Al-Anfal · 8:24

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ ۖ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ

අහෝ විශ්වාස කළවුනි!, නුඹලා ව ජීවත් කරවනු පිණිස නුඹලාට අල්ලාහ් ඇරයුම් කළ විට නුඹලා ඔහුට හා රසූල් වරයාට පිළිතුරු දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් පුද්ගලයකු හා ඔහුගේ හදවත අතර සිටින බවත් සැබැවින්ම නුඹලා ඔහු වෙතටම එක්රැස් කරනු ලබන බවත් නුඹලා දැන ගනු.

තෆ්සීර්

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි! නුඹලාගේ ජීවිත රඳා පවතින සත්යය වෙත නුඹලා ව ඇරයුම් කරන විට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නියෝග කර ඇති දෑ හා වළක්වා ඇති දෑ අනුව ක්රියා කරමින් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට නුඹලා පිළිතුරු දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී යැයි විශ්වාස කරනු. සත්යයට අවනත වීම නුඹලා ප්රතික්ෂේප කළ පසු ව, නැවතත් නුඹලා එය අපේක්ෂා කරන විට නුඹලා අතර හා එය අතර පෙරළන්නට අල්ලාහ් ශක්තිය ඇත්තාය. එහෙයින් ඒ වෙත යුහුසුලු වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව එක්රැස් කරනු ලබන බව තරයේ විශ්වාස කරනු. නුඹලා මෙලොවෙහි කළ ක්රියාවන් සඳහා නුඹලාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න