සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:30
وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ ۚ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ ۖ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ
නුඹ ව සිරගත කිරීමට හෝ නුඹ ව මරා දැමීමට හෝ නුඹ ව පිටුවහල් කිරීමට හෝ දේව ප්රතික්ෂේප කළවුන් නුඹට කුමන්ත්රණ කළ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුහු කුමන්ත්රණ කරති. අල්ලාහ් ද සැලසුම් කරනු ඇත. සැලසුම් කරන්නන්ගෙන් ශ්රේෂ්ඨ වනුයේ අල්ලාහ්ය.
තෆ්සීර්
අහෝ දූතය! ඔබව හසු කර ගැනීමට හෝ ඔබ ව ඝාතනය කිරීමට හෝ ඔබේ නගරයෙන් වෙනත් නගරයකට ඔබ ව පිටුවහල් කිරීමට කුමන්ත්රණය කරනු පිණිස දෙවියන්ට ආදේශ තබන්නන් නුඹ වෙන හැරුණු අවස්ථාව ගැන මෙනෙහි කරනු. ඔවුහු නුඹට කුමන්ත්රණය කරති. ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනටම එරෙහි ව පිහිටුවීමට අල්ලාහ් කටයුතු කළේය. ඔහු ද උපාය මාර්ග සැලසුම් කළ අතර එසේ සැලසුම් කරන්නන්ගෙන් ඔහු අති ශ්රේෂ්ඨය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න