සූරා 8 · ජුස් 9

Al-Anfal · 8:1

يَسْأَلُونَكَ عَنِ الْأَنْفَالِ ۖ قُلِ الْأَنْفَالُ لِلَّهِ وَالرَّسُولِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَصْلِحُوا ذَاتَ بَيْنِكُمْ ۖ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

(නබිවරය) යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු පිළිබඳ ව ඔවුහු නුඹගෙන් විමසති. යුද බිමෙහි අතහැර දමනු ලැබූ වස්තු අල්ලාහ්ට හා රසූල්වරයාට හිමි බව පවසනු. එබැවින් නුඹලා අල්ලාහ්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. තවද නුඹලා අතර ඇති දෑ හැඩගස්වා ගනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු.

තෆ්සීර්

අහෝ දූතය! ඔබේ සගයින් යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව පිළිබඳවත්, එය ඔබ බෙදන ආකාරය පිළිබඳවත්, එම කොටස් හිමි විය යුතු අය පිළිබඳවත්, විමසති. අහෝ දූතය! ඔවුන්ගේ ප්රශ්නයට පිළිතුරු වශයෙන්, 'යුද පිටියේ සතුරා විසින් දමා ගිය වස්තුව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී හා එය බෙදා දීමේදී, ඒ ගැන තින්දු තීරණ ගැනීමේ අයිතිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සතුය. නුඹලාගේ යුතුකම වනුයේ එයට යටත් වී ඒ අනුව කටයුතු කිරීමය. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! එහෙයින් නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. නුඹලා අතර පවතින බෙදීම් හා කුමන්ත්රණ පසෙක ලා සෙනෙහසින්, බැඳියාවෙන්, යහපත් ගතිගුණ හා සමාව දීමෙන් ඒවා විධිමත් කර ගනු. නුඹලා සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නෙහු නම් අල්ලාහ්ට අවනත වීමත්, ඔහුගේ දූතයාණන්ට අවනත වීමත් තදින්ම පිළිපදිනු. සැබැවින්ම දේව විශ්වාසය,අවනතවීම හා පාපයෙන් දුරස්වීම අවදි කරන්නේය. මෙම ප්රශ්නය විමසනු ලැබුවේ බද්ර් සටනින් පසුවය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න