සූරා 8 · ජුස් 9
Al-Anfal · 8:2
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයින් වනාහි අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් තිගැස්සින. තවද ඔවුන් වෙත ඔහුගේ වදන් පාරායනය කරනු ලැබූ විට එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුහු (සියල්ල) භාර කරති.
තෆ්සීර්
සැබැවින්ම සැබෑ ලෙස අල්ලාහ් ව විශ්වාස කරන්නන් වනාහි පිවිතුරු අල්ලාහ් පිළිබඳ මෙනෙහි කරනු ලබන විට ඔවුන්ගේ හදවත් භීතියට පත් වෙයි. ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ ශරීර අවනත වීම සඳහා බැඳී පවතියි. අල්ලාහ්ගේ වදන් ඔවුන් වෙත සම්බන්ධ කරනු ලැබූ විට ඒ පිළිබඳ ඔවුන් පරිශීලනය කරති. එවිට විශ්වාසයෙන් ඔවුන්ගේ විශ්වාසය තව තවත් වර්ධනය වෙයි. ඔවුනට යහපත සලසා ගැනීමෙහි හා අයහපතින් වළක්වා ගැනීමෙහි ඔවුන් ඔවුන්ගේ පරමාධිපති මත පමණක් යැපෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න