සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:206
إِنَّ الَّذِينَ عِنْدَ رَبِّكَ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَيُسَبِّحُونَهُ وَلَهُ يَسْجُدُونَ ۩
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති අබියස සිටින්නවුන් ඔහුට ගැතිකම් කිරීමට ඔවුහු උඩඟු නොවෙති. තවද ඔවුහු ඔහු ව පිවිතුරු කරති. තවද නළල බිම තමා ඔහුට නැමදුම් කරති.
තෆ්සීර්
සැබැවින්ම නුඹේ පරමාධිපති අබියස සිටින මලක්වරුන් ඔහුට නැමදුම් කිරීමෙන් ඉවත් නොවෙති. ඔවුන් යටහත් පහත් ව එහි නිරත වෙති. එය අතහැර නොදමති. රාත්රියෙහි හා දහවලෙහි අල්ලාහ්ට නුසුදුසු දැයින් ඔවුන් ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුට පමණක් සිරස නමා නමස්කාරය කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න