සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:205
وَاذْكُرْ رَبَّكَ فِي نَفْسِكَ تَضَرُّعًا وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالْآصَالِ وَلَا تَكُنْ مِنَ الْغَافِلِينَ
තවද උදේ හා සවස යටහත් පහත් ව බියෙන් යුතු ව (පවසන) ප්රකාශයන් උස් හඬින් තොර ව නුඹ තුළ නුඹගේ පරමාධිපති ව නුඹ සිහිපත් කරනු. තවද නුඹ නොසැලකිලිමත්වන්නන් අතුරින් නොවනු.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ පරමාධිපති වූ අල්ලාහ් ව ඉතා බැගෑපත් ව යටහත් පහත් ව, බියෙන් යුතු ව මෙනෙහි කරනු. දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිහිටා ඇති මහිමය නිසාවෙන් එම වේලාවන් හි හඬ උස් කිරීම හා හඬ පහත් කිරීම අතර මධ්යස්ථ හඬක් අනුගමනය කරමින් ඔබේ ප්රාර්ථනාව සකස් කර ගනු. උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් නොසැලකිලිමත් වූවන් අතරට නුඹ පත් නොවනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න