සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:96

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَىٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ

නියත වශයෙන්ම එම ප්‍රදේශ වැසියන් විශ්වාස කොට බිය බැතියෙන් යුතු ව කටයුතු කර තිබුණේ නම් සැබැවින්ම අහසින් හා මහපොළොවෙන් අපි ඔවුන් වෙත භාග්‍යයන් විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු බොරු කළෝය. එවිට අපි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් ඔවුන් ව ග්‍රහණය කළෙමු.

තෆ්සීර්

අපි කවර ප්රදේශයකට අපගේ රසූල්වරුන් එව්වෙමු ද, එම ප්රදේශවාසීහු ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ සැබෑවක් ලෙස විශ්වාස කොට, දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම අතහැර දමා, ඔහුගේ නියෝග පිළිපදිමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කර ඇත්නම්, සැබැවින්ම අපි ඔවුන් සඳහා සෑම පැතිකඩකින්ම යහපතේ දොරටු විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුන් එය සැබෑ නොකළෝය. ඔවුන් බැතිමත් ව කටයුතු නොකළෝය. ඒ වෙනුවට ඔවුන්ගේ දහම් දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුන් එසේ උපයමින් සිටි පාපකම් හා අකුසල් හේතුවෙන් නොසිතූ දඬුවමකින් අපි ඔවුන් ග්රහණය කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න