සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:95

ثُمَّ بَدَّلْنَا مَكَانَ السَّيِّئَةِ الْحَسَنَةَ حَتَّىٰ عَفَوْا وَقَالُوا قَدْ مَسَّ آبَاءَنَا الضَّرَّاءُ وَالسَّرَّاءُ فَأَخَذْنَاهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ

පසු ව අපි නපුර වෙනුවට යහපත පරිවර්තනය කළෙමු. අවසානයේ ඔවුහු සමෘද්ධිමත් වූහ. තවද ‘සැබැවින්ම අපගේ මුතුන් මිත්තන්හට දුක හා සතුට ඇති විය’ යැයි ඔවුහු පැවසුවෝය. පසු ව ඔවුන් නොහඟමින් සිටිය දී අපි අනපේක්ෂිත ලෙසින් ඔවුන් ව ග්‍රහණය කළෙමු.

තෆ්සීර්

ඔවුනට අභාග්ය හා ලෙඩ රෝග ඇති වූවායින් පසු ඒ වෙනුවට යහපත සංවර්ධනය හා ආරක්ෂාව පෙරළා දුනිමු. ඔවුන්ගේ සංඛ්යාවෙහි වර්ධනයක් අති විය. ඔවුන්ගේ සම්පත් වල දියුණුව ඇති විය. අවසානයේ ඔවුහු, "අපට අත් වූ අයහපත හා යහපත සාමාන්ය දෙයකි. මීට පෙර අපගේ මුතුන් මිත්තන්ටත් ඇති වූ තත්ත්වයකි" යැයි පැවසූහ. ඔවුනට අත් වූ අභාග්යය වනාහි, ඒ ගැන ඔවුන් අවධානය යොමු කළ යුත්තක් බවත්, ඔවුනට අත් වූ සැප පහසුකම් වනාහි, එතුළින් උද්ගමනය අපේක්ෂා කරනු ලබන බවත් ඔවුන් දැන සිටියේ නැත. එබැවින් ඔවුන් දඬුවම පිළිබඳ කිසිදු දැනුවත්භාවයකින් තොර ව හා ඒ ගැන අවධානයකින් තොර ව සිටියදී අපි ඔවුන් එකවර දඬුවමෙන් ග්රහණය කරන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න