සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:94
وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِنْ نَبِيٍّ إِلَّا أَخَذْنَا أَهْلَهَا بِالْبَأْسَاءِ وَالضَّرَّاءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ
කවර දේශයකට හෝ නබිවරයකු අපි එව්වේ නම් එහි වැසියන් යටහත් පහත් විය හැකි වනු පිණිස අපි ඔවුන් දුෂ්කරතා හා පීඩාවන්ගෙන් ග්රහණය කළේ මිස නැත.
තෆ්සීර්
දේශයන්ගෙන් එක් දේශයකට අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු අප එවූ කල්හි එහි වැසියන් ඔහු බොරු කොට ප්රතික්ෂේප කළාක් මිස නැත. එවිට ඔවුන් ගිලී සිටි ඔවුන්ගේ ප්රතික්ෂේපය හා අහංකාරකම ඉවත දමා ඔවුන් අල්ලාහ්ට යටත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන්, අපි ඔවුනට ලෙඩ රෝග, දිළිඳුකම හා ව්යසනයන්ගෙන් ග්රහණය කළෙමු. මෙය කුරෙය්ෂ්වරුන් හා බොරු කරන, ප්රතික්ෂේප කරන සෑම කෙනෙකුටම, බොරුකාර සමූහයා අතර අල්ලාහ් ක්රියා කරන ආකාරය ගැන මතක් කරමින් කරන අවවාදයකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න