සූරා 7 · ජුස් 9
Al-A'raf · 7:93
فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَاتِ رَبِّي وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ آسَىٰ عَلَىٰ قَوْمٍ كَافِرِينَ
පසු ව ඔවුන්ගෙන් ඔහු ඉවත් ව හැරුණේය. තවද ‘මාගේ සමූහයනි ! සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ නුඹලාට දැනුම් දුනිමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. මෙසේ තිබිය දී ප්රතික්ෂේපිත ජනයා කෙරෙහි මා දුකට පත් වනුයේ කෙසේ දැ’යි පවසා සිටියහ.
තෆ්සීර්
ඔවුන් විනාශ වූ කල්හි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅය්බ් (අලය්හිස් සලාම්) ඔවුන්ගෙන් හැරී ගියහ. ඔවුනට ඔහු, “අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත දන්වා සිටින මෙන් මාගේ පරමාධිපති මට නියෝග කළ දෑ මම නුඹලාට දන්වා සිටියෙමි. මම නුඹලාට උපදෙස් දුනිමි. නමුත් නුඹලා මාගේ උපදෙස පිළි නොගත්තෙහුය. මාගේ මග පෙන්වීමට නුඹලා යටත් නොවූහ. තම අල්ලාහ් ව ප්රතික්ෂේප කොට තම ප්රතික්ෂේපයේම ගිලී සිටි ජනයා පිළිබඳ මා කෙසේ නම් දුක්වන්නදැ?”යි විමසා සිටීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න