සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:89

قَدِ افْتَرَيْنَا عَلَى اللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِي مِلَّتِكُمْ بَعْدَ إِذْ نَجَّانَا اللَّهُ مِنْهَا ۚ وَمَا يَكُونُ لَنَا أَنْ نَعُودَ فِيهَا إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّنَا ۚ وَسِعَ رَبُّنَا كُلَّ شَيْءٍ عِلْمًا ۚ عَلَى اللَّهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا افْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِالْحَقِّ وَأَنْتَ خَيْرُ الْفَاتِحِينَ

ඔබේ දහමින් අල්ලාහ් අප මුදවා ගත් පසු ඒ වෙත අපි නැවත හැරුණේ නම් සැබැවින්ම අපි අල්ලාහ් කෙරෙහි බොරු ගෙතූවන් බවට පත් වෙමු. අපගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස එහි නැවත හැරී යාම අපට නොවීය. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ව්‍යාප්තය. අපි අල්ලාහ් වෙතම භාර කරමු. අපගේ පරමාධිපතියාණනි ! අප අතර ද අපගේ සමූහයා අතර ද යුක්ති ගරුක ව තීන්දු ලබා දෙනු මැනව! තීන්දු ලබා දෙන්නන්ගෙන් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය. (යැයි ෂුඅයිබ් පැවසීය.)

තෆ්සීර්

අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි ඔහුට යටත් වූවායින් පසු, නුඹලා සිටින දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය පිළිබඳ අපි විශ්වාස කළේ නම් සැබැවින්ම අපි අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත කළේ නම් මිස ඔබේ ව්යාජ පිළිවෙත වෙත අප නැවත හැරීමට සුදුසු නොවන්නේය. එමෙන්ම අපට එය ස්ථාවර නොවන්නේය. එය පිවිතුරු ඔහුගේ අභිමතයට සියලු දෙනා යටත් වී ඇති බැවිණි. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු අප ඍජු මාර්ගය මත ස්ථාපිත කළ බැවින්ද, නිරයේ මාර්ගයෙන් අප ආරක්ෂා කළ බැවින්ද අපි අල්ලාහ් මත පමණක් දැඩි සේ විශ්වාසය තබන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර හා ප්රතික්ෂේප කළ අපගේ සමූහයා අතර සැබෑ ලෙසින්ම තීන්දු කරනු මැනව. මුරණ්ඩු අපරාධකරුට එරෙහි ව අසාධාරණයට ලක් වූ සත්යයේ සගයාට සහය වනු. අපගේ පරමාධිපතියාණනි! ඔබ තීරකයින් අතර අති ශ්රේෂ්ඨය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න