සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:88

۞ قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لَنُخْرِجَنَّكَ يَا شُعَيْبُ وَالَّذِينَ آمَنُوا مَعَكَ مِنْ قَرْيَتِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۚ قَالَ أَوَلَوْ كُنَّا كَارِهِينَ

අහෝ ෂුඅයිබ් ! සැබැවින්ම අපි නුඹ හා නුඹ සමඟ විශ්වාස කළවුන් අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹ අපගේ දහම් පිළිවෙත් තුළට නැවත හැරී ආ යුතු යැයි ඔහුගේ සමූහයා අතුරින් උඩඟුකම් පෑ ප්‍රධානීහු කීහ. (එවිට) ඔහු ‘අපි පිළිකුල් කරන්නන් ලෙසින් සිටියත්’ දැයි පැවසුවේය.

තෆ්සීර්

ෂුඅයිබ් (අලෛහිස්සලාම්) තුමාණන්ගේ සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් ෂුඅයිබ් (අලෛහිස් සලාම්) තුමා දෙස බලා, “අහෝ ෂුඅයිබ්! ඔබ හා ඔබ සමග සිටින ඔබව සත්යය කළ ජනයා අපගේ මේ ගම්මානයෙන් බැහැර කරන්නෙමු. එසේ නැතහොත් ඔබ අපේ දහම වෙත නැවත හැරෙනු” යැයි පැවසුවෝය. ෂුඅය්බ් තුමා හෙළා දකිමින් හා පුදුමය උපදවන අයුරින් ඔවුනට: “නුඹලා කවර කරුණක් මත සිටින්නෙහු ද එය ව්යාජ බව අප දැන සිටියදී, එය අප පිළිකුල් කරමින් සිටියදී නුඹලාගේ දහම හා නුඹලාගේ පිළිවෙත අනුව අපි නුඹලාව අනුගමනය කරන්නෙමුද?” යැයි පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න