සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:87
وَإِنْ كَانَ طَائِفَةٌ مِنْكُمْ آمَنُوا بِالَّذِي أُرْسِلْتُ بِهِ وَطَائِفَةٌ لَمْ يُؤْمِنُوا فَاصْبِرُوا حَتَّىٰ يَحْكُمَ اللَّهُ بَيْنَنَا ۚ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
කවර දෙයක් සමඟ මා එවනු ලැබුවේ ද එය නුඹලා අතුරින් පිරිසක් විශ්වාස කොට තවත් පිරිසක් විශ්වාස නොකර සිටියේ නම් එවිට අප අතර අල්ලාහ් තීන්දු දෙන තෙක් නුඹලා ඉවසා සිටිනු. තවද ඔහු තීන්දු ලබා දෙන්නන් අතුරින් ශ්රේෂ්ඨය.
තෆ්සීර්
නුඹලා අතුරින් වූ පිරිසක් මාගේ පරමාධිපති වෙතින් මා ගෙන ආ දෑ විශ්වාස කොට, තවත් පිරිසක් එය විශ්වාස නොකළේ නම් අහෝ බොරු කරන්නනි! නුඹලා අතර අල්ලාහ් තීන්දු දෙන දෑ නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තීන්දු දෙන්නන්ගෙන් ඔහු ශ්රේෂ්ඨය. එමෙන්ම තීරකයින්ගෙන් ඔහු වඩාත් සාධාරණීයය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න