සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:86
وَلَا تَقْعُدُوا بِكُلِّ صِرَاطٍ تُوعِدُونَ وَتَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ مَنْ آمَنَ بِهِ وَتَبْغُونَهَا عِوَجًا ۚ وَاذْكُرُوا إِذْ كُنْتُمْ قَلِيلًا فَكَثَّرَكُمْ ۖ وَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ
තවද ඔහු ව විශ්වාස කළවුන් නුඹලා බියවද්දමින් අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් අඩු පාඩු සොයමින් සෑම මාර්ගයකම නුඹලා වාඩි නොවනු. නුඹලා ස්වල්පයක් ව සිටිය දී අපි නුඹලා ව අධික කළෙමු. තවද කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹලා අවධානයෙන් බලනු.
තෆ්සීර්
මිනිසුන්ගේ මුදල් පැහැර ගනු පිණිස ඔවුන් යන එන සෑම මාර්ගයකම ඔවුනට තර්ජනයක් වන අයුරින් වාඩි නොවනු. ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ කටයුතු නොකරන තරමට එහි අඩුපාඩු සොයමින් යහමග ලබන්නට ප්රිය කරන්නන් අල්ලාහ්ගේ දහමින් ඔබ නොවළක්වනු. අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥවනු පිණිස ඔහුගේ ආශිර්වාද මෙනෙහි කර බලනු. නුඹලාගේ පිරිස ස්වල්පයක් ලෙස සිටියෙහුය. පසු ව නුඹලාව සංඛ්යාවෙන් වැඩි කළේය. ඔබට පෙර මහපොළොවේ විසූ කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එහෙයින් එම දඬුවම ඔවුනට අත් වූයේ නම් විනාශය සිදුවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න