සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:85

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ ۖ فَأَوْفُوا الْكَيْلَ وَالْمِيزَانَ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

තවද මද්යන්(වාසීන්) වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නොමැත. නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා කිරුම් මිනුම් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩු පාඩු නොකරනු. තවද මහපොළොව සැකසූ පසු ව එහි කලහකම් නොකරනු. නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨ වන්නේ යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

සැබැවින්ම අපි මද්යන් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලය්හිස් සලාම්) තුමා ව එව්වෙමු. එවිට ඔහු ඔවුනට, 'මාගේ ජනයිනි, අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නැමදුම් ලබන්නට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු නැත. මාගේ පරමාධිපති වෙතින් මා කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් හා සාධකයක් ඔහුගෙන් ඔබ වෙත පැමිණ ඇත. පූර්ණ කිරුමට හා මිම්මට මැන ජනයාගේ අයිතිය ඉටු කරනු. ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු ඇති කර ඒවායෙහි ඔවුනට අකමැත්ත ඇති කර හෝ එවායෙහි අයිතිකරුවන්ට වංචා කර ජනයාහට අලාභහානි සිදු නොකරනු. පෙර නබිවරුන් එවා මිනිසුන් විධිමත් කළ පසු ව දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් ඉටු කරමින් මහපොළොවේ කලහකම් නොකරනු. ඔබ විශ්වාස කළවුන් ලෙස සිටින්නෙහු නම් මේ සඳහන් කරනු ලැබූ දෑ ඔබට උතුම් වන්නේය. වඩාත් ප්රයෝජනවත් වන්නේය. එනම් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටිමින් පාපකම් අතහැරීමත් ඔහු නියෝග කළ දෑ සිදු කිරීමෙන් අල්ලාහ් වෙත සමීප වීමත් එතුළ ඇති බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න