සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:84
وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ
තවද අපි ඔවුන් මත වර්ෂාවක් වැස්සවීමු. එබැවින් වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු.
තෆ්සීර්
මැටි ගල් ඔවුන් වෙත හෙළමින් දැඩි වර්ෂාවන් ඔවුන් මත අපි පතිත කළෙමු. එම ගම්මානය පෙරළා එහි උඩු කොටස යටි කොටස බවට පත් කළෙමු. "අහෝ දූතය! ලූත් තුමාගේ අපරාධකාරී ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන්ගේ අවසානය විනාශය මෙන්ම සදා අපකීර්තිය විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න