සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:83
فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
එවිට අපි ඔහුගේ බිරිය හැර ඔහු හා ඔහුගේ (සෙසු) පවුලේ උදවිය මුදවා ගතිමු. ඇය විනාශ වූවන් අතුරින් වූවාය.
තෆ්සීර්
දඬුවම පහළ වන ගම්මානයෙන් රාත්රියෙහිම බැහැර වන මෙන් ඔවුනට අණ කර එයින් පිටත් කරවා ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි ආරක්ෂා කළෙමු. නමුත් ඔහුගේ බිරිය තම ජනයා සමග රැඳී සිටින්නියක් වූවාය. ඔවුනට අත් වූ දඬුවමම ඇයටද අත් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න