සූරා 7 · ජුස් 9

Al-A'raf · 7:90

وَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ لَئِنِ اتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ

‘නුඹලා ෂුඅයිබ් ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන්ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.

තෆ්සීර්

ඒක දේවත්වයේ ඇරයුම ප්රතික්ෂේප කළ ෂුඅය්බ් තුමාගේ සමූහයා අතර සිටි දේව ප්රතික්ෂේපිත නායකයෝ හා ප්රධානීහු, ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමා ගෙන ආ දහම පිළිබඳ ජනයාට අවවාද කරමින්, "අපගේ ජනයිනි! නුඹලා ෂුඅය්බ්ගේ දහමට පිවිස, නුඹලාගේ දහම හා නුඹලාගේ මුතුන් මිත්තන්ගේ දහම අතහැර දැමුවෙහු නම් සැබැවින්ම නුඹලා ඒ හේතුවෙන් විනාශ වී යනු ඇත" යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න