සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:8
وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
එදින තක්සේරු කිරීම සැබෑවකි. එබැවින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද ජයග්රහකයෝ ඔවුහුමය.
තෆ්සීර්
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්රියාවන් තක්සේරු කිරීම ඉතා සාධාරණනීය ලෙස සිදු වනු ඇත. එහි කිසිදු අපරාධයක් හෝ අසාධාරණයක් හෝ නැත. තක්සේරු කරන විට කවරෙකුගේ කුසල්වල තරාදිය ඔහුගේ පාපකම්වල තරාදියට වඩා සාර්ථක වන්නේද අපේක්ෂා කරනු ලැබූ පරිදි ජය ලැබූවෝ ඔවුහු වෙති. භයානක දැයින් මිදුණෝ ද ඔවුහු වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න