සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:79

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَا قَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّي وَنَصَحْتُ لَكُمْ وَلَٰكِنْ لَا تُحِبُّونَ النَّاصِحِينَ

පසු ව ඔහු ඔවුන්ගෙන් හැරී ගොස් මාගේ සමූහයනි ! මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය මම නුඹලාට දන්වා සිටියෙමි. තවද මම නුඹලාට උපදෙස් දුනිමි. එනමුත් නුඹලා උපදේශකයින් ප්‍රිය නොකරන්නෙහුය’ යැයි ඔහු පැවසීය.

තෆ්සීර්

සාලිහ් (අලය්හිස් සලාම්) තුමා ඔවුන්ගේ එම පිළිතුරෙන් නිරායාසට පත්වීමෙන් පසු ඔවුන්ගෙන් හැරී, “මාගේ ජනයිනි! ඔබ වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි අල්ලාහ් මට අණ කර සිටියේද එය මා ඔබ වෙත ගෙන ආවෙමි. ඔබට අවවාද කරමින් හා සුබපතමින් උපදෙස් දුනිමි. නමුත් යහපත වෙත ඔබට මග පෙන් වන්නටත් අයහපතින් ඔබ ව දුරස් කරන්නටත් ප්රිය කරන ඔබට උපදෙස් දෙන අයවලුන් ප්රිය නොකරන සමූහයකි ඔබ.” යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න