සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:78
فَأَخَذَتْهُمُ الرَّجْفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
එසැණින් භූ කම්පනය ඔවුන් හසුකර ගත්තේය. පසු ව ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළම මළකඳන් බවට පත් වූහ.
තෆ්සීර්
දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඉක්මන් කොට ඉල්ලූ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. දැඩි භූ කම්පනයක් ඔවුන් හසු කර ගත්තේය. තම මුහුණු හා තම දණහිස් මත මහපොළොවට ඇද වැටිණ. එම විනාශයෙන් බේරීමට ඔවුන් කිසිවක් සමත් වූයේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න