සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:77
فَعَقَرُوا النَّاقَةَ وَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا يَا صَالِحُ ائْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الْمُرْسَلِينَ
පසු ව ඔවුහු එම ඔටු දෙන කපා දෑමූහ. තවද ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝගය අබිබවා කටයුතු කළෝය. තවද අහෝ සාලිහ් ! නුඹ රසූල්වරුන් අතුරින් වේ නම් නුඹ අපට ප්රතිඥා දෙන දෑ අප වෙත ගෙන එන්නැයි ඔවුහු පැවසුහ.
තෆ්සීර්
නමුත් අල්ලාහ්ගේ නියෝගය පිළිපැදීමට උඩඟු වෙමින් කිසිදු හිංසාවක් නොකළ යුතු යැයි ඔවුනට තහනම් කළ ඔටු දෙන ඔවුහු කපා හැරියෝය. සාලිහ් තුමා ඔවුනට කවර කරුණක් අවවාද කර සිටියේද ඔවුන් එයින් ඈත්ව එයට අපහාස කරමින්, “අහෝ සාලිහ්! ඔබ අල්ලාහ්ගෙන් වූ සැබෑ දූතයකු නම් ඔබ අපට අවවාද කරන එම වේදනීය දඬුවම අප වෙත ගෙන එන්නැ”යි පැවසුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න