සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:74

وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ عَادٍ وَبَوَّأَكُمْ فِي الْأَرْضِ تَتَّخِذُونَ مِنْ سُهُولِهَا قُصُورًا وَتَنْحِتُونَ الْجِبَالَ بُيُوتًا ۖ فَاذْكُرُوا آلَاءَ اللَّهِ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

ආද් (සමූහයා)ට පසු නුඹලා ව ඔහු නියෝජිතයින් බවට පත් කොට මහපොළොවේ වාසය කිරීමට සැලැස් වූ අවස්ථාව නුඹලා මෙනෙහි කරනු. නුඹලා එහි අමුද්‍රව්‍ය තුළින් මාලිගාවන් තනා ගන්නෙහුය. තවද කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ දායාදයන් නුඹලා මෙනෙහි කරනු. තවද මහපොළොවේ කලහකම් කරන්නන් ලෙසින් පාපකාරී අයුරින් කටයුතු නොකරනු.

තෆ්සීර්

ආද් සමූහයාගෙන් පසු ඔබ මහපොළොව නියෝජනය කිරීමට පැමිණි අවස්ථාවේ අල්ලාහ් ඔබ වෙත කළ ආශිර්වාද මෙනෙහි කර බලනු. ඔබේ ඉල්ලීම් ඔබ ලබා ගත්තෙහුය. එය දේව ප්රතික්ෂේපය හා බොරුවෙහි ආද් සමූහයා ඉක්මවා යාමෙන් අනතුරු ව ඔවුන් විනාශ කළ පසුවය. පහසුකම් ඇති භූමිය මත මාළිගා තනා ගන්නෙහුය. ඔබට නිවෙස් තනා ගනු පිණිස කඳු කපා දමන්නෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සලකනු පිණිස ඔබ වෙත ඔහු පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කර බලනු. මහපොළොවේ සැරිසරා කලහකම් කිරීම අතහැර දමනු. එය අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා පාපකම් කිරීම අතහැර දමමිනි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න