සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:75

قَالَ الْمَلَأُ الَّذِينَ اسْتَكْبَرُوا مِنْ قَوْمِهِ لِلَّذِينَ اسْتُضْعِفُوا لِمَنْ آمَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَالِحًا مُرْسَلٌ مِنْ رَبِّهِ ۚ قَالُوا إِنَّا بِمَا أُرْسِلَ بِهِ مُؤْمِنُونَ

ඇත්ත වශයෙන්ම සාලිහ් ඔහුගේ පරමාධිපතිගෙන් එවනු ලැබූවෙක් බව නුඹලා දන්නෙහුදැයි ඔහුගේ සමූහයා අතුරින් උඩඟු වූ ප්‍රධානීහු ඔවුන් අතුරින් දුර්වලයින් ලෙස සලකනු ලැබූ විශ්වාස කළවුනට පවසා සිටියහ.

තෆ්සීර්

තම සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් තම සමූහයා අතර සිටි දුර්වලයින් ලෙස සැළකූ දේව විශ්වාස කරන්නන් දෙස බලා, “අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නියත වශයෙන්ම සාලිහ් අල්ලාහ්ගේ දූතයකු බව ඔබ සැබෑ ලෙසින්ම දන්නෙහුද?” යැයි විමසුවෝය. දුර්වල ලෙස සලකනු ලැබු දෙවියන් විශ්වාස කළවුන් ඔවුනට පිළිතුරු දෙමින්: “කවර කරුණක් සමග අප වෙත සාලිහ් එවනු ලැබුවේද, සැබැවින්ම එය සැබෑවක් ලෙස සහතික කොට පිළිගනිමු. අවනත වන්නෙමු. ඔහුගේ පිළිවෙතට අනුව ක්රියා කරන්නෙමු” යැයි පවසා සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න