සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:73
وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ قَدْ جَاءَتْكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُمْ ۖ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً ۖ فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌ
තවද සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු). මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියකු නොමැත. සැබැවින්ම නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලාට පැහැදිලි සාධකයක් පැමිණ ඇත. එය අල්ලාහ්ගෙන් වූ ඔටු දෙනයි. (ඌ) නුඹලාට සංඥාවක් වශයෙනි. අල්ලාහ්ගේ භූමියේ බුදින්නට නුඹලා ඌ අත හැර දමනු. නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට වේදනීය දඬුවමක් නුඹලා ව ග්රහණය කරනු ඇතැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු වස් සමූද් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව අපි එව්වෙමු. සාලිහ් ඔවුනට: මාගේ ජනයිනි, ඔබ අල්ලාහ්ට පමණක් නමදින්න. නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු ඔබට නැත. මම කවර කරුණක් ඔබ වෙත ගෙන ආවේද එය තහවුරු කරමින් අල්ලාහ්ගෙන් පැහැදිලි සංඥාවක් ඔබ වෙත පැමිණ ඇත. එය ඔටු දෙනක් තුළ රැව් දුනි. ඌ කළුගල් පර්වතයකින් එළියට පැමිණීය. ඌට ජලය පානය කිරීමට වේලාවක් වෙන් කර ඇත. එමෙන්ම ජලය පානය කරන්නට නියමිත දිනයක් ඔබටද වෙන් කර ඇත. එහෙයින් අල්ලාහ්ගේ භූමියේ උලා කන්නට ඌ අතහැර දමනු. ඌට ආහාර සැපයීමේ වගකීම ඔබට නැත. එමෙන්ම කිසිදු හිංසාවක් ඔබ ඌට සිදු නොකළ යුතුය. ඌට හිංසා කිරීමේ හේතුවෙන් ඔබ වේදනීය දඬුවමට ලක් වනු ඇතැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න