සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:72

فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ وَمَا كَانُوا مُؤْمِنِينَ

එහෙයින් අපගෙන් වූ දයාලුභාවය හේතුවෙන් ඔහු හා ඔහු සමඟ වූවන් අපි මුදවා ගත්තෙමු. අපගේ වදන් බොරු කළවුන්ගේ මුදුන් මුල කපා හැරියෙමු. තවද ඔවුහු විශ්වාසවන්තයින් ලෙස නොසිටියහ.

තෆ්සීර්

හූද් (අලය්හිස් සලාම්) හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණා දයාවෙන් ආරක්ෂා කළෙමු. අපගේ වදන් බොරු කළවුන් මුළුමණින්ම විනාශ කර දැමුවෙමු. ඔවුහු දේව විශ්වාසීන් ලෙස නොසිටියෙහුය. එහෙයින් ඔවුහු දඬුවමට සුදුස්සන් වූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න