සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:71

قَالَ قَدْ وَقَعَ عَلَيْكُمْ مِنْ رَبِّكُمْ رِجْسٌ وَغَضَبٌ ۖ أَتُجَادِلُونَنِي فِي أَسْمَاءٍ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا نَزَّلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ

නුඹලාගේ පරමාධිපතිගෙන් වූ දඬුවම හා කෝපය නුඹලා වෙත පතිත විය. නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් පිළිබඳ නුඹලා මා සමඟ වාද කරන්නෙහු ද? ඒවා පිළිබඳ කිසිදු සාධකයක් අල්ලාහ් පහළ නොකළේය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

හූද් තුමා ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය ඔබ අනිවාර්යය කර ඉල්ලන්නෙහුය. එය ඔබට කිසිදු සැකයකින් තොරව සිදු වන්නේමය. ඔබ හා ඔබේ මුතුන් මිත්තන් දෙවියන් ලෙස නම් තැබූ පිළිම විෂයයෙහි මා සමග වාද කරන්නෙහුද? ඒවා සැබෑ නොවන්නේය. එහෙයින් දේවත්වය පිළිබඳ වාද කරන දෑ සඳහා සාක්ෂි වශයෙන් ගත හැකි සාධකයක් අල්ලාහ් ඔබට පහළ කළේ නැත. එහෙයින් ඔබ පතන දෑ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔබට එම දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත. මමත් ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටිමි. එය සිදුවනු ඇත යැයි පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න