සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:66

قَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ إِنَّا لَنَرَاكَ فِي سَفَاهَةٍ وَإِنَّا لَنَظُنُّكَ مِنَ الْكَاذِبِينَ

නියත වශයෙන්ම ඔබ අඥානකමෙහි සිටිනු අපි දකිමු. එමෙන්ම ඔබ නියත වශයෙන්ම බොරුකාරයින් අතුරින් යැයි ද සිතමු යි ඔහුගේ සමූහයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝය.

තෆ්සීර්

ඔහුගේ සමූහයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළ නායකයින් හා ප්රධානීන්, "අහෝ හූද්! සැබැවින්ම ඔබ අල්ලාහ්ට පමණක් නමදින්නටත්, පිළිම වන්දනාව අතහැරීමටත් ඔබ අප ඇරයුම් කරන අවස්ථාවේ ඔබේ බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය අපි දකින්නෙමු. සැබැවින්ම ඔබ එවනු ලැබූ රසුල්වරයකු බවට ඔබ වාද කරන විෂයයෙහි සැබැවින්ම ඔබ බොරු කාරයකු ලෙස අපි තරයේ විශ්වාස කරන්නෙමු" යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න