සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:65
۞ وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۗ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۚ أَفَلَا تَتَّقُونَ
ආද් සමූහයා වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (එව්වෙමු.) ඔහු ‘මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. එබැවින් නුඹලා බිය හැඟීමෙන් කටයුතු කළ යුතු නොවේ දැ’යි ඔහු පැවසුවේය.
තෆ්සීර්
ආද් ගෝත්රය වෙත ඔවුන් අතුරින් වූ දූතයකු අපි එව්වෙමු. ඔහු හූද් (අලයිහිස් සලාම්) තුමාය. හෙතෙම: "අහෝ මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. අල්ලාහ්ගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිස අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට ඔබ භක්තිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න