සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:64
فَكَذَّبُوهُ فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ فِي الْفُلْكِ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا عَمِينَ
නමුත් ඔවුහු ඔහු ව බොරු කළෝය. පසු ව අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවා ගත්තෙමු. තවද අපගේ වදන් බොරු කළවුන් ව ගිල්වූයෙමු. නියත වශයෙන්ම ඔවුහු අන්ධ පිරිසක් වූහ.
තෆ්සීර්
ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔහුව විශ්වාස කළේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ඔවුහු රැඳී සිටියෝය. ඔවුන් විනාශ කරන මෙන් ඔවුනට එරෙහිව ඔහු අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේය. ඔහු හා ඔහු සමග නැවෙහි ගමන් කළ දේව විශ්වාසී ජනයා දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු. අපගේ වදන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම රැඳී සිටි ජනයා, මහා ජලගැල්ම හේතුවෙන් දියේ ගිල්වා අපි විනාශ කළෙමු. එය ඔවුනට දඬුවමක් වශයෙනි. සැබැවින්ම ඔවුන්ගේ හදවත් සත්යයයෙන් අන්ධ වී තිබිණ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න