සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:63

أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَىٰ رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ وَلِتَتَّقُوا وَلَعَلَّكُمْ تُرْحَمُونَ

නුඹලා බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු පිණිස ද නුඹලා දයාව ලැබිය හැකි වනු පිණිස ද නුඹලාට අවවාද කරනු වස් නුඹලා අතුරින් වූ මිනිසෙකු වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් උපදෙසක් නුඹලා වෙත පැමිණීම ගැන නුඹලා පුදුමු වන්නෙහු ද? (යැයි පැවසුවේය)

තෆ්සීර්

ඔබ අතුරින්ම ඔබ හඳුනන මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ උපදෙසක් හා පණිවිඩයක් ඔබ වෙත පැමිණීම ඔබට පුදුමය දන්වන්නේද? මවිතයට පත් කරන්නේද? ඔබ අතරම ඔහු වැඩුණි. ඔහු බොරු කාරයකු හෝ නොමග ගිය අයකු නොවීය. වෙනත් වර්ගයක කෙනෙකු ද නොවීය. ඔබ බොරු කොට ප්රතික්ෂේප කරන විට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබ බියවැද්දීමට ඔහු ඔබ අතරට පැමිණියේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් වනු පිණිසද, ඔබ ඔහු විශ්වාස කරන්නේ නම් ඔබ කරුණාවට ලක්වීමේ ආශාවෙන් ඔහු ඔබ අතර පැමිණියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න