සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:62
أُبَلِّغُكُمْ رِسَالَاتِ رَبِّي وَأَنْصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ اللَّهِ مَا لَا تَعْلَمُونَ
මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩ මම නුඹලාට දැනුම් දෙමි. තවද මම නුඹලාට උපදෙස් දෙමි. තවද නුඹලා නොදන්නා දෑ අල්ලාහ් වෙතින් මම දැන ගනිමි.
තෆ්සීර්
අල්ලාහ් මා වෙත දැනුම් දුන් දැයින්, කවර කරුණක් ඔබ වෙත දැනුම් දෙන මෙන් ඔහු ඔබ වෙත එව්වේද, එය මා ඔබට දැනුම් දෙමි. අල්ලාහ්ගේ නියෝග පිළි පැදීම හා ඒ මත පදනම් වූ කුසල් පිළිබඳ ඔබට කැමැත්ත ඇති කරමින් හා ඔහු තහනම් කළ දෑ තහනම් කර ඒ මත පදනම් වූ දඬුවම ගැන බිය ගන්වමින් ඔබට යහපත කරන්නට මම අපේක්ෂා කරමි. අල්ලාහ් මට දේව පණිවිඩ හරහා ඉගැන්වූ, ඔබ නොදන්නා දෑ මම ඔහුගෙන් දැන ගනිමි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න