සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:61
قَالَ يَا قَوْمِ لَيْسَ بِي ضَلَالَةٌ وَلَٰكِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ
මාගේ සමූහයනි ! මා සමඟ කිසිදු මුළාවක් නොමැත. එනමුත් මම සකල ලෝකයන්හි පරමාධිපතිගෙන් වූ දූතයෙකු වෙමි යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
නූහ් තම සමූහයා අතර සිටි ප්රධානීන් හට, "නුඹලා විශ්වාස කරන්නාක් මෙන් මම නොමඟ ගිය අයකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ යහමග මත සිටිමි. සැබැවින්ම මම මාගේ පරමාධිපති වන ඔබේද පරමාධිපති වන සියලු ලෝක වැසියන්ගේද පරමාධිපති වන අල්ලාහ් වෙතින් ඔබ වෙත ආ දූතයකු වෙමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න