සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:6

فَلَنَسْأَلَنَّ الَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْأَلَنَّ الْمُرْسَلِينَ

කවරෙකු වෙත (දූතත්වය) එවනු ලැබුවේ ද ඔවුන් පිළිබඳ ව සැබැවින්ම අපි විමසන්නෙමු. එමෙන්ම එවනු ලැබූවන් පිළිබඳ ව ද අපි විමසන්නෙමු.

තෆ්සීර්

අප කවර සමූහයන් වෙත දූතවරුන් එව්වෙමු ද එම සමූහයා තම දූතවරුන් හට කවර පිළිතුරක් දුන්නේ දැයි සැබැවින්ම අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් විමසන්නෙමු. එමෙන්ම දූතවරුන්හට කවර ඇරයුමක් කරන්නැයි නියෝග කරනු ලැබුවේද එය ඇරයුම් කිරීම පිළිබඳවත් ඔවුන්ගේ සමූහයා කවර පිළිතුරන් ඔවුනට දුන්නේද ඒ පිළිබඳවත් එම දූතවරුන්ගෙන් අපි විමසන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න