සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:59

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු මාගේ සමූහයනි ! නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නුඹලාට නොමැත.මහත් වූ දිනයක දඬුවම නුඹලා මත වනු ඇතැයි මම බිය වෙමි යැයි ඔහු පැවසුවේය.

තෆ්සීර්

සැබැවින්ම අපි නූහ්ව, ඔහුගේ සමූහයා අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමටත්, ඔහු හැර පවතින සෙසු නැමදුම් ඔවුන් අතහැර දමන මෙන් ඇරයුම් කිරීමටත් ඔහු ඔවුන් අතරට එව්වෙමු. ඔහු තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. මාගේ ජනයිනි! දේව ප්රතික්ෂේපය මත ඔබේ අවධානය පිහිටන තත්ත්වයක මහත් වූ දිනයක දඬුවම ඔබ මත පහළ වීම ගැන සැබැවින්ම මම බිය වෙමි" යැයි පැවසුවේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න