සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:58

وَالْبَلَدُ الطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُ بِإِذْنِ رَبِّهِ ۖ وَالَّذِي خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًا ۚ كَذَٰلِكَ نُصَرِّفُ الْآيَاتِ لِقَوْمٍ يَشْكُرُونَ

තවද සාරවත් පොළොව, එහි පරමාධිපතිගේ අනුහසින් එහි පැළෑටි හට ගන්වයි. නිසරු වී ගිය දෑ (පොළොව) ස්වල්පයක් මිස හට ගන්වන්නේ නැත. කෘතවේදී වන ජනයාට අපි සංඥාවන් පැහැදිලි කරනුයේ එලෙසය.

තෆ්සීර්

සාරවත් පොළොව අල්ලාහ්ගේ අනුහසින් එහි පැළෑටි පූර්ණවත් ලෙස සරුවට මතු කරනු ඇත. එලෙසම දේවත්වය විශ්වාස කරන්නෙකු උපදෙසට සවන් දී එමගින් ප්රයෝජන ලබනු ඇත. දැහැමි ක්රියාවන් සිදු කරනු ඇත. නිසරු ලුණු සහිත වගුරු බිම් යහපතක් නැති දුර්ලබ දෑ හැර පැළෑටි හට ගන්වන්නේ නැත. එලෙස දේව ප්රතික්ෂේපකයාද උපදෙස් මගින් ප්රයෝජන නොලබනු ඇත. තමන්ට ඵල දෙන දැහැමි ක්රියාවන් සිදු නොකරනු ඇත. මෙවන් විවිධ උත්පාදන මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදවලට කෘතගුණ සලකන, එයට ගුණමකු නොවන, තම පරමාධිපතිට අවනත වන පිරිසකට සත්යය තහවුරු කිරීම පිණිස සාක්ෂි හා සාධක විවිධ අයුරින් අපි ගෙනහැර පාන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න