සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:57
وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۖ حَتَّىٰ إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ الْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ
තවද තම දයාව අතුරින් ශුභාරංචියක් ලෙස සුළඟ එවනුයේ ඔහුය. අවසානයේ එය ඝන වලාකුළු ඉසිලූ විට මිය ගිය ප්රදේශයකට ගමන් කරවා ඉන් පසු ව අපි එමගින් ජලය පහළ කළෙමු. පසු ව අපි එයින් සෑම (පලතුරු) භෝගයක්ම හට ගැන්වූයෙමු. නුඹලා උපදෙස් ලැබිය හැකි වනු පිණිස මිය ගිය දෑ අපි බැහැර කරනුයේ එලෙසය.
තෆ්සීර්
උත්තරීතර අල්ලාහ් වර්ෂාව ගැන ශුභාරංචි දන්වන්නක් ලෙස සුළග එවයි. ජලයෙන් බර වූ වලාකුළු සුළඟ උසුලාගෙන පැමිණි විට නියං ගමකට එම වලාකුළු පහළ කරන්නෙමු. එමගින් ගමට ජලය පතිත වී එම ජලයෙන් සියලුම වර්ගයේ බවභෝග අපි හටගන්වන්නෙමු. මෙයාකාරයෙන් භෝග හට ගන්වන්නාක් මෙන්ම මියගිය ඇත්තන් ඔවුන්ගේ මිණීවලවල්වලින් ජීවමානයන් ලෙස අපි බැහැර කරන්නෙමු. අහෝ ජනයිනි! අපි එසේ කරනුයේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීමේ ආරම්භය ගැන ඔබ මෙනෙහි කිරීමටත් සැබැවින්ම එසේ කළ හැකි අල්ලාහ්ට මියගියවුන්ට යළි ප්රාණය දීමේ ශක්තිය ඔහු සතු බවත් ඔබ මෙනෙහි කරනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න