සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:54

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ ۗ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

නියත වශයෙන්ම අහස් හා මහපොළොව දින සයකින් මැව්වේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ්හි ස්ථාන ගත විය. ඔහු රාත්‍රියෙන් දහවල ආවරණය කරයි. එය එකිනෙක සීඝ්‍ර පිළිවෙළින් සොයයි. තවද හිරු සඳු හා තරු ඔහුගේ නියෝගය අනුව වසඟ කරනු ලැබූ දෑ වේ. දැන ගනු. මැවීම හා නියෝගය ඔහු සතුය. සකල ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් උත්කෘෂ්ට විය.

තෆ්සීර්

අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පරමාධිපති වනාහි අහස් හා මහපොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොරව දින හයකින් මැවූ අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ් හෙවත් දේව රාජ්යය මත ඔහුගේ කීර්තියට අනුකූලව ඉහළින් ස්ථාපිත විය. එය කෙසේදැ යි අප කිසිවකු නොදනිමු. දහවල් ආලෝකය සමග රාත්රි අන්ධකාරය ඔහු ඉවත් කරන්නේය. එමෙන්ම රාත්රි අන්ධකාරය සමග දහවල් ආලෝකය ඔහු ඉවත් කරන්නේය. ඒ දෙකින් සෑම එකක්ම කිසිදු ප්රමාදයකින් තොරව ඉතා ශීඝ්රයෙන් අනෙකා සොයා එනු ඇත. එකක් ඉවත් ව ගිය විට අනෙක පැමිණෙන්නේය. ශුද්ධ වූ අල්ලාහ් ඉර මැව්වේය. එමෙන්ම සඳුද මැව්වේය. දිලිසෙමින් එල්ලී පවතින තාරකාවන් මැව්වේය. එසේ නම් ඔහුගේ සියලු මැවීම් ඔහු සතු නොවන්නේද? ඔහු හැර මැවුම්කරු වෙනත් කවුරුන්ද? සියලු කටයුතු ඔහුට පමණක් සතුය. ඔහුගේ ශ්රේෂ්ඨත්වය උතුම්ය. ඔහුගේ ත්යාගශීලිබව අධිකය. ලෝවැසියන්ගේ පරමාධිපති වූ ඔහු කීර්තිමත් හා පරිපූර්ණවත් ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබ ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න