සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:55

ادْعُوا رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً ۚ إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ

නුඹලා යටහත් පහත් ව හා රහසිගත ව නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව ප්‍රිය නොකරයි.

තෆ්සීර්

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ප්රාර්ථනාවෙහි අවංකයින් ලෙසින්, රහසිගතව පූර්ණ යටහත් පහත් භාවයෙන් යුතුව ඔබේ පරමාධිපතිට කන්නලව් කරනු. ප්රාර්ථනාවෙහි ශුද්ධ වූ අල්ලාහ්ට කිසිදු ආදේශයක් නොතබා මූණිච්චාවට ඉටු නොකරනු. ප්රාර්ථනාවෙහි ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් හට සැබැවින්ම ඔහු ප්රිය කරන්නේ නැත. දෙවියන්හට ආදේශ තබන්නන් මෙන් ඔහු සමග වෙනත් අයකු අයැද සිටිමින් ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේ බරපතල ක්රියාවට වඩා වෙනත් යමක් තිබේද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න