සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:53

هَلْ يَنْظُرُونَ إِلَّا تَأْوِيلَهُ ۚ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِنْ قَبْلُ قَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ فَهَلْ لَنَا مِنْ شُفَعَاءَ فَيَشْفَعُوا لَنَا أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوا أَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ

එහි අවසානය මිස වෙනත් කිසිවක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? එහි අවසානය පැමිණෙන දින මීට පෙර එය අමතක කළවුන් ‘සැබැවින්ම අපගේ පරමාධිපතියාණන්ගේ දූතවරු අප වෙත පැමිණියේමය. අප වෙනුවෙන් මැදිහත්වන්නන් අතුරින් කිසිවකු සිටිනවා ද? එසේ නම් ඔවුහු අප වෙනුවෙන් මැදිහත් වනු ඇත. නැතහොත් අප ව නැවත හරවා යවනු ලබන්නෙමු ද? එවිට අපි කරමින් සිටි දෑ නොවන (යහපත් ක්‍රියාවන්) කළ හැකි වන්නේ යැයි පවසති. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අලාභහානි සිදු කර ගත්තෝය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව මුළා කළේය.

තෆ්සීර්

මතු ලොවෙහි ඔවුන්ගේ විෂයය කවර කරුණක් වෙත යොමු කරනු ලබන්නේද එම වේදනීය දඬුවම සිදු වන බවට දැනුම් දෙනු ලැබූ දෑ ඔවුනට සිදුවීම මිස දේව ප්රතික්ෂේපකයෝ වෙනෙකක් බලාපොරොත්තු නොවෙති. කවර දෙයක් පිළිබඳ ඔවුනට දැනුම් දෙනු ලැබුවේද එය හා දෙවියන් විශ්වාස කරන්නන්හට කවර කුසලක් පිළිබඳ දැනුම් දෙනු ලැබුවේද එය ද පැමිණෙනු ඇත. මෙලොවෙහි අල් කුර්ආනය අමතක කොට එහි ඇති දෑ අනුව ක්රියා නොකළවුන්: "අපගේ පරමාධිපතිගේ දූතවරුන් කිසිදු සැකයක් නැති සත්යය සමග පැමිණියහ. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් බවට කිසිදු සැකයක් නැත. දඬුවමින් සැනසුම ලබා දෙනු පිණිස අල්ලාහ් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් ව කතා කරන මැදිහත්කරුවන් නොමැත්තේද? එසේත් නැතහොත් අප දැහැමි ක්රියාවන් කරනු වස් නැවතත් මෙලොව ජීවිතය වෙත යොමු කරනු ලැබිය යුතු නොවේද? අප කළ නපුරුකම් වෙනුවට දැහැමි කටයුතු කරන්නට පුළුවන. නමුත් දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ විනාශයෙන් ඔවුන් පරාජයට පත් වූහ. අල්ලාහ් හැර ඔවුන් කවර දෑට නැමදුම් කරමින් සිටියේද ඒවා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත. ඔවුන් ඔවුනට කිසිදු සෙතක් සැලසුවේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න