සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:52

وَلَقَدْ جِئْنَاهُمْ بِكِتَابٍ فَصَّلْنَاهُ عَلَىٰ عِلْمٍ هُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ

ඔවුන් වෙත දේව ග්‍රන්ථය ගෙනැවිත් දුන්නෙමු. එය අපි දැනුම මත පදනම් කරමින් විශ්වාස කරන ජනයාට මඟ පෙන්වීමක් හා දයාවක් ලෙස පැහැදිලි කර ඇත්තෙමු.

තෆ්සීර්

සැබැවින්ම අපි මෙම කුර්ආනය ඔවුන් වෙත ගෙන ආවෙමු. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ ග්රන්ථයයි. අපගේ දැනුමෙන් අප කවර දෙයක් පැහැදිළි කරමින් සිටියේ ද සැබැවින්ම එය එහි අපි පැහැදිළි කළෙමු. එය සත්යය හා නිවැරදි මග වෙත දේවත්වය විශ්වාස කරන්නනන් යොමු කරවන්නකි. මෙලොව හා මතුලොව යහපත පෙන්වා දීමෙහි එය ඔබට ආශිර්වාදයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න