සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:51
الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَهْوًا وَلَعِبًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ نَنْسَاهُمْ كَمَا نَسُوا لِقَاءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
ඔවුන් වනාහි ඔවුන්ගේ දහම ඔවුන් විහිළුවක් ලෙස හා සෙල්ලමක් ලෙස ගත් අය වෙති. තවද මෙලොව ජීවිතය ඔවුන් ව මුළා කළේය. එබැවින් ඔවුන් ඔවුන්ගේ මෙම හමුවීම අමතක කර දමා අපගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කරමින් සිටියාක් මෙන් අද දින අපි ද ඔවුන් අමතක කර දමන්නෙමු.
තෆ්සීර්
තම දහම විහිළුවක් හා නිෂ්ඵල දෙයක් බවට පත් කර ගත් මෙම දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව ජීවිතය එහි අලංකාරය හා ආකාර්ශනය තුළින් රවටා දමා ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හමුවීම ඔවුන් අමතක කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් දඬුවම විඳින්නට ඉඩ හැර ඔවුන් අමතක කර දමයි. ඔවුන් ඔහු වෙනුවෙන් කිසිදු කටයුත්තක් සිදු කළේ නැත. ඒ සඳහා සූදානම් වූයේද නැත. සැබැවින්ම එය සත්ය බව ඔවුන් දැන දැනම අල්ලාහ්ගේ සාක්ෂි හා සාධක පිළිකුල් කොට ප්රතික්ෂේප කළ බැවිනි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න