සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:50

وَنَادَىٰ أَصْحَابُ النَّارِ أَصْحَابَ الْجَنَّةِ أَنْ أَفِيضُوا عَلَيْنَا مِنَ الْمَاءِ أَوْ مِمَّا رَزَقَكُمُ اللَّهُ ۚ قَالُوا إِنَّ اللَّهَ حَرَّمَهُمَا عَلَى الْكَافِرِينَ

නිරා වැසියෝ ස්වර්ග වාසීන් අමතා අප මත ජලයෙන් හෝ අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් හෝ වක් කරන්නැයි පවසති. දේව ප්‍රතික්ෂේපකයින් වෙත ඒ දෙකම සැබැවින්ම අල්ලාහ් තහනම් කර ඇතැයි ඔවුහු පවසනු ඇත.

තෆ්සීර්

නිරා වාසීහු ස්වර්ගවාසීන් බැගෑපත් ව අමතා, "අහෝ ස්වර්ග වැසියනි! අප මත ජලය වක් කරන්න. එසේ නැතිනම් අල්ලාහ් ඔබට ලබා දුන් පෝෂණයෙන් අපහට ලබා දෙන්නැ"යි පවසති. ස්වර්ගවාසීහු, "සැබැවින්ම, දෙවියන් ප්රතික්ෂේප කළවුන් හට ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ දෙකම අල්ලාහ් තහනම් කර ඇත. ඔබට අල්ලාහ් තහනම් කළ දෙයකින් කිසිවිටෙක ඔබට උදව් කළ නොහැක්කේම යැ" යි පවසති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න