සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:49

أَهَٰؤُلَاءِ الَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ اللَّهُ بِرَحْمَةٍ ۚ ادْخُلُوا الْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَا أَنْتُمْ تَحْزَنُونَ

අල්ලාහ් ඔවුනට දයාව ලබා නොදෙනු ඇත යැයි නුඹලා දිවුරා පැවසූ අය මොවුහු ද (යැයි ස්වර්ග වාසීහු දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් විමසති.) නුඹලා ස්වර්ගයට පිවිසෙනු, නුඹලාට කිසිදු බියක් නොමැත තවද නුඹලා දුකට පත් වන්නේ ද නැත (යැයි සඳලුතලය මත සිටිනවුන්ට කියනු ලැබේ.)

තෆ්සීර්

දේව ප්රතික්ෂේපකයින්හට තරවටු කරමින්, "අල්ලාහ් අබියස වූ ඔහුගේ කරුණාව ඔවුනට අල්ලාහ් පිරිනොනමන බවට දිවුරා සිටි අය මොවුහුදැ?"යි අල්ලාහ් විමසා සිටියි. පසුව අල්ලාහ් විශ්වාස කරන්නන් දෙස බලා, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ඔබ ස්වර්ගයට පිවිසෙනු. ඔබ කවර දෙයකට මුහුණ දෙන්නේද ඒ ගැන කිසිදු බියක් ඔබට නැත. සදා සැපසම්පත් ඔබ ලබන්නට යන බැවින් මෙලොවෙහි ඔබට මග හැරුණු කොටස පිළිබඳ ඔබ දුකට පත්වන්නේද නැත."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න