සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:48

وَنَادَىٰ أَصْحَابُ الْأَعْرَافِ رِجَالًا يَعْرِفُونَهُمْ بِسِيمَاهُمْ قَالُوا مَا أَغْنَىٰ عَنْكُمْ جَمْعُكُمْ وَمَا كُنْتُمْ تَسْتَكْبِرُونَ

(ස්වර්ගය හා නිරය අතර වූ) උස් ස්ථානය මත වූ වැසියන් ඇතැම් පුද්ගලයින් අමතති. ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් ව ඔවුහු හඳුනා ගනිති. නුඹලාගේ පිරිස් බලය හා නුඹලා උඩඟුකම් පාමින් සිටි දෑ නුඹලාට කුමන ප්‍රයෝජනයක් ගෙන දුන්නේ දැයි ඔවුහු පවසති.

තෆ්සීර්

තම මුහුණු අඳුරු වීම, දෑස් නිල් වීම වැනි සලකුණු මගින් හඳුනාගනු ලැබූ නිරා වැසියන් අතර සිටින දේව ප්රතික්ෂේපිත මිනිසුන් දෙස බලා අඃරාෆ්හි වැසියන් මෙසේ පවසයි. ධනය හා මිනිසුන් අධිකව ඔබ හම්බ කළද ඒවා ඔබට ඵල දුන්නේ නැත. උද්දච්චකම හා උඩගුකමින් සත්යය ඔබ පිටුපෑම ඔබට කිසිදු ඵලක් නොවීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න