සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:46
وَبَيْنَهُمَا حِجَابٌ ۚ وَعَلَى الْأَعْرَافِ رِجَالٌ يَعْرِفُونَ كُلًّا بِسِيمَاهُمْ ۚ وَنَادَوْا أَصْحَابَ الْجَنَّةِ أَنْ سَلَامٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ
තවද ඔවුන් දෙපිරිස අතර ආවරණයක් පවතී. උස් ස්ථානය මත ඇතැම් පුද්ගලයෝ වෙති. සෑම කෙනෙකුවම ඔවුන්ගේ සලකුණු වලින් ඔවුන් හඳුනා ගනු ඇත. පසු ව ඔවුහු ස්වර්ග වාසීන් අමතා නුඹලාට ශාන්තිය අත්වේවා ! යැයි පවසති. ඔවුන් ආශා කරමින් සිටිය ද ඔවුහු එහි (තවද) අතුළු නොවූහ.
තෆ්සීර්
ස්වර්ගවාසීන් හා නිරාවාසීන් අතර අල් අඃරාෆ් නමින් හඳුන්වන උස් බාධකයක් පවතී. එම උස් බාධකය මත තම යහකම් හා පාපකම් සමාන ලෙස තුලනය වූ මිනිසුන් වෙති. මුහුණෙහි පවතින දීප්තිය වැනි ඔවුන්ගේ සළකුණු මගින් ස්වර්ග වැසියන් හඳුනා ගනිති. එමෙන්ම මුහුණෙහි පවතින කළු පැහැය වැනි ඔවුන්ගේ සලකුණු මගින් නිරා වැසියන් හඳුනා ගනිති. මෙම මිනිසුන් ස්වර්ග වැසියන් අමතා ඔවුනට ගෞරවයක් වන පරිදි "ඔබට හා ස්වර්ගවාසීන්ට ශාන්තිය අත්වේවා" යැයි පවසයි. උස් බාධක මත පසුවන ජනයා ඉන්පසු ස්වර්ගයට පිවිසුනේ නැත. නමුත් ඔවුහු අල්ලාහ්ගේ කරුණාවෙන් එහි පිවිසීමට ආශා කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න