සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:44
وَنَادَىٰ أَصْحَابُ الْجَنَّةِ أَصْحَابَ النَّارِ أَنْ قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّا فَهَلْ وَجَدْتُمْ مَا وَعَدَ رَبُّكُمْ حَقًّا ۖ قَالُوا نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌ بَيْنَهُمْ أَنْ لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ
සැබැවින්ම අපගේ පරමාධිපති අපහට ප්රතිඥා දුන් දෑ සැබෑ ලෙසින්ම අපි ලබා ඇත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්රතිඥා දුන් දෑ නුඹලා සැබෑ ලෙසින්ම ලබා ඇත්තේ දැයි ස්වර්ගවාසීහු නිරාවාසීන් අමතා අසති. එසේය යැයි ඔවුහු පවසනු ඇත. එවිට අපරාධකරුවන් කෙරෙහි අල්ලාහ්ගේ ශාපය ඇතැයි ඔවුන් අතරින් වූ නිවේදකයෙකු (ඔවුනට) නිවේදනය කරයි.
තෆ්සීර්
තම තමන්ට සූදානම් කරනු ලැබූ නිලයන් තුළට පිවිසීමෙන් අනතුරු ව ස්වර්ගයට අයත් ස්වර්ගවාසීහු නිරයට අයත් නිරා වැසියන් දෙස බලා: “සැබැවින්ම අපගේ පරමාධිපති අපට පොරොන්දු වූ ස්වර්ගය සැබෑ ලෙසට අපට හමු විය. ඔහු අප එයට ඇතුළත් කළේය. අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! අල්ලාහ් ඔබට අවවාද කර සිටි නිරය සැබෑ ලෙසින්ම ඔබට ලැබුණේ දැ?”යි විමසති. දෙවියන් ප්රතික්ෂේප කළවුන් “අපට අවවාද කළ නිරා ගින්න සැබෑ ලෙසින්ම අපට හමු විය” යැයි පවසති. එවිට නිවේදකයකු: “අල්ලාහ් ඔහුගේ කරුණාවෙන් අපරාධකරුවන් නෙරපා දැමීය . සැබැවින්ම ඔහුගේ කරුණාවේ දොරටු මෙලොවෙහි ඔවුනට විවෘත කර දුන්නේය. නමුත් ඔවුහු එය පිටුපැවෝය” යැයි නිවේදනය කරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න