සූරා 7 · ජුස් 8

Al-A'raf · 7:43

وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ ۖ وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي هَدَانَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهْتَدِيَ لَوْلَا أَنْ هَدَانَا اللَّهُ ۖ لَقَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ ۖ وَنُودُوا أَنْ تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ

(මෙලොව දී) ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුනට පහළින් ගංගා ගලා බසිති. තවද ‘මේ සඳහා අපට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. අල්ලාහ් අපට (යහ) මඟ නොපෙන්වූයේ නම් අප මඟ ලබන්නන් නොවෙමු. අපගේ පරමාධිපතිගේ දූතවරු සත්‍යයම ගෙන ආහ’ යැයි ඔවුන් පවසනු ඇත. එමෙන්ම ‘නුඹලා කරමින් සිටී දෑ හේතුවෙන් නුඹලාට උරුම කරනු ලැබූ ස්වර්ගය මෙය වේ’ යැයි ඔවුන් ඇරයුම් කරනු ලබති.

තෆ්සීර්

ස්වර්ගයේ ඔවුන් විඳින පූර්ණ සුව පහසුකම් අතරින් ඔවුන්ගේ හදවත් වල ක්රෝධය හා ඊර්ෂ්යාව අල්ලාහ් ඉවත් කිරීමද එකකි. ඔවුනට පහළින් ගංගා ගලා බසියි. තමන් වෙත පිරිනැමූ ආශිර්වාද පිළිගනිමින් ඔවුහු: “මෙම නිලය අප ලබන සේ දැහැමි ක්රියාවන් සිදු කිරීමට අපහට ආශිර්වාද කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. අල්ලාහ් අපට ඒ වෙත ආශිර්වාද නොකළේ නම් අපි ඒ සඳහා ආශිර්වාද ලබන්නන් නොවන්නෙමු. කිසිදු සැකයකට ඉඩ නැති සත්යය හා සැබෑ ප්රතිඥාවන් හා අවවාදයන් සමග අපගේ පරමාධිපතිගේ දූතවරුන් පැමිණියහ” යැයි පවසති. ඔවුන් අතර නිවේදකයකු මෙසේ නිවේදනය කරයි. “මෙලොව මාගේ දූතවරු කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද එම ස්වර්ගය මෙයයි. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔබ කළ දැහැමි කටයුතු හේතුවෙන් එය ඔබට ම සූදානම් කර ඇත.”

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න