සූරා 7 · ජුස් 8
Al-A'raf · 7:37
فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ أُولَٰئِكَ يَنَالُهُمْ نَصِيبُهُمْ مِنَ الْكِتَابِ ۖ حَتَّىٰ إِذَا جَاءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوا أَيْنَ مَا كُنْتُمْ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا وَشَهِدُوا عَلَىٰ أَنْفُسِهِمْ أَنَّهُمْ كَانُوا كَافِرِينَ
එහෙයින් අල්ලාහ් මත බොරු ගොතා පවසන්නාට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? ඔවුනට නියම කරන ලද ඔවුන්ගේ කොටස ඔවුනට හිමි වනු ඇත. අවසානයේ අපගේ දූතවරු ඔවුන් අත්පත් කර ගැනීම සඳහා පැමිණි විට ‘අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදිමින් සිටි දෑ කොහේදැයි විමසති. (එවිට) ඔවුහු ඔවුන් අපෙන් මුළා වී ඇතැයි පවසති. තවද තමන් දේව ප්රතික්ෂේපකයින් ව සිටී බවට ඔවුහු ඔවුන්ටම (එරෙහිව) සාක්ෂි දරති.
තෆ්සීර්
අල්ලාහ් වෙත හවුල්කරුවකු ඈඳා හෝ යම් අඩුවක් හෝ ඔහු නොපැවසූ කරුණක් පැවසූ බවට පවසමින් ඔහු මත බොරු ගොතා පවසන; ඍජු මාර්ගය වෙත මගපෙන්වන ඔහුගේ පැහැදිලි වදන් බොරු කරන අයට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. මෙසේ විස්තර කරනු ලැබූ මොවුනට හොඳ හෝ නරක කරුණු අතරින් සුරක්ෂිත ඵලකයේ සඳහන් මෙලොව භුක්ති විදින කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ, ඔවුන් වෙත මරණයේ දූතයා හා ඔහුගේ සහකාර දූතවරු ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නට පැමිණෙති. එවිට ඔවුහු ඔවුනට තරවටු කරමින්, "අල්ලාහ් හැර ඔබ නමදිමින් සිටි දෙවිවරුන් කොහේද? ඔබට සෙත සලසනු පිණිස ඔබ ඔවුනට ඇරයුම් කරනු" යැයි පවසා සිටිති. බහු දේව වාදීහු දූතවරුන් දෙස බලා, "අප නමදිමින් සිටි අපගේ දෙවිවරුන් අපගෙන් පහව ගොස් ඇත. ඔවුන් සැඟවී ඇත. ඒවා කොහේදැ?යි අපි නොදනිමි" යැයි පවසා සැබැවින්ම තමන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් බව පිළිගනිති. නමුත් ඒ මොහොතේ ඔවුන්ගේ එම පිළිගැනීම ඔවුනට එරෙහිව පිහිටනු ඇත. එය ඔවුනට කිසිවිටෙක ප්රයෝජනවත් වන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න